IMG-LOGO

රාජ්‍ය සේවය හොර ගුහාවක්

(යොහාන් භාසුර)

පසුගිය ආර්ථික රටාව තුළ රාජ්‍ය සේවයේ ගෞරවය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවත් දේශපාලනය සහ රාජ්‍ය සේවය නිසා සමස්ත රටම බිඳවැටුණු බවත් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අද (22) පැවසීය.

හයිලන්ඩ් වරලත් අළෙවිසැල් 500 ක් ආරම්භ කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද (22) පැවැති උත්සවයේදී කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා එසේ පැවසීය.

හොරකම, දූෂණ සහ වංචාව සියයට 100 ක්ම නවතා ජනතාවට සහතික කර ඇති බවත් වර්තමානයේ හොර ගුහාව දේශපාලන ක්ෂේත්‍රය නොව රාජ්‍ය සේවය බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා කීය.

වර්තමානයේ රට පරිවර්තනීය යුගයක ඇති අතර ඒ සඳහා වන දේශපාලනීය පරිවර්තනය හොදින් කරගෙන යන්නේ යැයි ආණ්ඩුව විශ්වාස කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සියලු රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සේවය කඩා වැටීමට ඉඩහැරි බවත් අතීතයේ මෙරට ගමක රාජ්‍ය සේවයේ කටයුතු කරන කෙනෙක්ට පුදුමාකාර පිළිගැනීමක් තිබූ බවත් ඔහු සඳහන් කළේය. රාජ්‍ය සේවකයෙක් කියූ පමණින් අද වන විට හොරෙක්ද, ගැහිලිකාරයෙක්ද යැයි විමසන බවත් අමාත්‍යංශයක ලේකම් කෙනෙක් කිව්වම අද හිතන්නේ මිනිහත් අර පොහොර සිද්ධියට හවුල් ඇති බවත් අමාත්‍යවරයා කීය.

හයිලන්ඩ් සහ එන්එල්ඩීබී ආයතන විකිණීමට නියමිතව තිබූ බවත් අමුල් සමාගම සමඟ ඇතිකරගත් එකඟතාවක් තවමත් පවතින අතර මෙම ආයතන දෙකේ අත පය දිග හැර වැඩකළ නොහැකි බවත් ඒ මහතා කීය.

ඉන්දියාවත් සමඟ සම්බන්ධය නිදහස් කරගෙන, ලොකු රාජ්‍ය තාන්ත්‍රික පටලැවිල්ලක් නොවන ආකාරයට නිදහස් කරගෙන මෙම ආයතන දෙකේ කටයුතු කරන්න ඉඩ සළසාගනිමින් සියටින බවත් ලාල් කාන්ත මහතා පැවසීය.

දේශීය ආයෝජකයන් ආයෝජනවලට සම්බන්ධ වීමට නිතරම විමසන අතර එන්එල්ඩීබී ඉඩම් අක්කර 500 ක් මැලේසියාවට දූරියන් යැවීමේ වගාවක් සඳහා මෑතකදී ඉල්ලා සිටින බවත් මෙරට සියලුම ඉඩම් විදේශ විනියම උපයන නිෂ්පාදනයක්ට ගියහොත් මෙරට ජනතාවගේ ආහාර නිෂ්පාදනයට ඉඩම් නොමැති තත්වයක් ඇති බවත් හෙතෙම කීය.

‘මිලිකෝ’ ලෙස සඳහන්ව ඇති කල්කිරි බෝතලයක් බීමට තමන් ඇතුළු බොහෝ දෙනෙක් අදත් සොයන බව කී ලාල් කාන්ත මහතා පැවසුවේ පෞද්ගලික අංශයේ නිෂ්පාදනවලින් වස විෂ සම්බන්ධ ගැටලු මතුවුවද රාජ්‍ය අංශයේ කිසි නිෂ්පාදනයකින් එහෙම ප්‍රශ්නයක් කවදාවත් ඇති නොවූ බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

රාජ්‍ය සේවය හොර ගුහාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 438 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 220 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1938 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site