( රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව අරියපුර ගම්මානයේ පදිංචි කැළුම් ප්‍රදිප් කුමාර මහාතගේ නිවසේ ගෙවත්තේ වගා කර තිබෙන කෙසෙල් ගසක් මැදින් කෙසෙල් කැනක් මතු වි ඇත.
මෙම කෙසෙල් ගස මැදින් පුපුරා කැන ඉහළට වැඩෙමින් පවති. මේ වන විට අඩි 8 පමණ උසට කෙසෙල් කැන වැඩී තිබේ.
කෙසෙල් පඳුරේ තවත් කෙසෙල් ගස් හතරක් පමණ වැඩි ඇති අතර එම ගස් අතරින් පළමුව පීදී ඇති කෙසෙල් ගසෙහි කැන මෙය බව කැළුම් ප්‍රදිප් කුමාර මහතා සඳහන් කළේය.




