අරාව අනතුරකින් පිය-පුතු රෝහලේ



 
නිශාන්ත කුමාර
 
බදුල්ල මහියංගන මාර්ගයේ අරාව පාර 16 කණුව ආසන්නයේ දී අද (11)  යතුරුපැදියක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක හැපීමෙන් බරපතල තුවාල ලැබු පාසල් සිසුවෙකු හා ඔහුගේ පියා මීගහකිවුල රෝහලට ඇළතුත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.


මීගහකිවුල අරාව පාර පදිංචි වයස අවුරුදු 9 ක පාසල් සිසුවෙකු හා අවුරුදු  34 ක් වයසැති ඔහුගේ පියා අනතුරින් රෝහල් ගතකර ඇත.


මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් එක්වරම අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී පසු පසින් පැමිණි යතුරුපැදිය ත්‍රී රෝද රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇත.