අඹේවෙල කම්හලක් වටකරති


(ආර්.කෝගුලන් )

අඹේවෙල කිරිපිටි කර්මාන්ත ශාලාවකින් ඉවතලන කිරි වාරි ඇළකට මුදා හරින බව පවසමින් ගොවියෝ පිරිසක් ඊට විරෝධය දක්වමින් අද (30) එම කම්හල වැටලූහ.

එම ඇළෙන් කිරි මිශ්‍රිත ජලය පැමිණීම හේතුවෙන් තම වගාවලට හානි වන බවත් අධික දුර්ගන්ධයක් හමන බවත් ගොවියෝ පැවසූහ.

මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් හා ගොවීන් පිරිසක් අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙයි.