අඹන්පොළ ව්‍යාපාරික ස්ථාන අද-හෙට වසා දමයි


( ප්‍රියානි මංගලිකා)

                       

අඹන්පොල ප්‍රදේශයෙන්  වාර්තා වූ කොරෝනා රෝගීන් දෙදෙනා නගරයේ  ව්‍යාපාරික ස්ථාන වලට  පැමිණීම සහ නගරයේ සැරිසැරීම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත වෙළඳ සංගමය විසින් අද (26 ) සහ හෙට (27 ) දෙදින නගරයේ සියලු සියලු ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගෙන ඇති බව අඹන්පොල පොලීසිය  පැවසීය.

 පෑලියගොඩ මත්ශ්‍ය වෙළඳ  පලෙන් මාලු රැගෙන ආ පුද්ගලයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට වෛද්‍ය වාර්ථා වලින් තහවුරු වී ඇති අතර එම ආසාධිතයන් දෙදෙනා අඹන්පොල නගරයේ සැරිසරන ලද ව්‍යාපාරික ස්ථාන සහ ආශ්‍රිතයන් හඳුනා ගැනීමට සහ නිරෝධායන කටයුතු සඳහා සෞඛ්‍ය අංශ වලට සහය දක්වමින් වෙළඳ සංගමය මෙම පියවර ගෙන ඇති බවද පොලීසිය පැවසීය.

රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් වසංගත රෝග තත්වය පිළිබඳව නගරයේ ජනයා සහ ව්‍යාපාරිකයන් ,බස් රථ සහ ත්‍රීරෝද රථ සේවකයන්,ඇතුලු ජන කොටස් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් හා නිරෝධයන නීති පිළිබඳව ද දැනුවත් කිරීම් සිදු කරමින් සිටින බවද   අඹන්පොල පොලීසිය  වැඩිදුරටත් සඳහන් කලේය.