අම්බලන්ගොඩ ධීවරයෝ පිරිසක් උද්ඝෝෂණයක


(එම් .සුසිල් ප්‍රියන්ත)

       

ධීවර රැකියාවට ගොස් බංග්ලාදේශයේ සිරගතවී සිටින ධීවරයින් පිරිසක් මව් බිමට ගෙන දෙන ලෙස ඉල්ලා අද (8 ) උදේ ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.

බංග්ලාදේශයේ සිරගතවී සිටින ධීවරයින්ගේ අඹුදරුවන් හා ප්‍රදේශවාසීන් විසින් මේ උද්ඝෝෂණය පවත්වන ලදි.

බහුදින ධීවර යාත්‍රා හතරක ධීවරයින් විසිහතර දෙනෙක් මාස 11 තිස්සේ බංග්ලාදේශයේ සිරගතව සිටින බව උද්ඝෝෂකයෝ පැවසූහ.

උද්ඝෝෂකයින් කිහිප අවස්ථාවකදීම ගාලු පාර අවහිර කිරීමට උත්සහ දැරූ අතර අම්බලන්ගොඩ පොලීසිය මැදිහත්වී එය වැලැක්කුවේය.

සිරගතවී සිටින සිය පියවරු තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් කුඩා දරුවන් පිරිසක්ද මේ උද්ඝෝෂණයට එකව සිටිනු දක්නට ලැබිණ.