
(එම්.සුසිල් ප්‍රියන්‍ත)
කප්පාදු කළ ආහාර සලාකය තමන්ට හා රෝගීන්ට යළිත් ලබාදෙන ලෙස ඉල්ලා අම්බලන්ගොඩ දිසා රෝහලේ සේවකයින් පිරිසක් අද (9) එම රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූහ.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උද්ඝෝෂණයට අම්බලන්ගොඩ දිසා රෝහලේ සේවකයින් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.
තමන්ට හා රෝගීන්ට රජය මගින් ආහර සලාකයක් ලබාදුන් බවත් එසේ ලබාදුන් ආහාර සලාකය දැනට මාසයකට වැඩි කාලයක් තිස්සේ නතර කර දමා තිබෙන බව මේ උද්ඝෝෂණයේ යෙදී සිටින අමබලන්ගොඩ දිසා රෝහලේ සේවකයෝ කියති.
මේ ආහාර සලාක කප්පාදුවෙන් තමන් මෙන්ම රෝගීන්ද දැඩි අපහසුතාවටය පත්වී සිටින බවද ඔවුහු කියති.
අදාල බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් බොහෝ වාර ගනනක් සාකච්චා කලත් ඔවුන් මේ ප්‍රශ්නය විසදන පාටක් නොපෙනුනු නිසා රටේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් පැවතියද තමන් මේ වෘත්තීය ක්‍රියා මාර්ගයට ප්‍රවිශ්ෂ්ඨවූ බවද උද්ඝෝෂකයෝ පවසති.
මේ ප්‍රශ්නයට අද (9) නිසි පිළිතුරක් නොදුනහොත් තමන් දිගටම මේ වෘත්තිය ක්‍රියා මාරගයේ නිරතවන බවද ඔවුහු කියති.
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීමකදි එහි ප්‍රකාශකයකු කීවේ මේ සම්බන්ධයෙන් සොයා බලා ඊට කඩිනම් විසදුමක් ලබාදීමට පියවර ගන්නා බවය.