(මහේෂ් කීර්තිරත්න)
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශවයේ අනු නායක, මාතලේ යටවත්ත දිවිල්ල ශ්‍රී ධර්මවර්ධනාරාමාධිපති මහෝපාධ්‍ය දිවිල්ලේ ශ්‍රී දේවරක්ඛිතභිධාන අනුනායක ස්වාමීන් වහන්සේ අපවත්වූහ.
අපවත්වන විට උන්වහන්සේ 87 වෙනි වියෙහි පසුවූහ.
උන්වහන්සේ විහාරස්ථාන කිහිපයක අධිපති තනතුර හෙබවූ අතර, යටවත්ත ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති වශයෙන්ද යටවත්ත සමත මූල මණ්ඩලයේ සභාපති වශයෙන් ද කටයුතු කළහ.
එම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා (09) ප.ව 2.00ට මාතලේ යටවත්ත ඩන්ගන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අලකොලමඩ ශ්‍රී ධර්මාධාර පිරිවෙන් ආචාර්ය ගලලියද්දේ අරියවංශ හිමියෝ පැවසූහ.

