අබලන් බස් රථ ඉවත්කරන්නැයි මඩොල්සිම විරෝධතාවක්


(පාලිත ආරියවංශ සහ ප්‍රසන්න පද්මසිරි)
 
මඩොල්සිම - ඇකිරිය මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (13) උද්ඝෝෂණයක නියැලී සිටිති.
 
ධාවනයට නුසුදුසු බස්රථ වෙනුවට නව බස්රථ ලබාදෙන්නැයි ඉල්ලමින්  ඇකිය, මඩොල්සිම, වරැල්ලපතන, මැටිගහතැන්න, උඩුගම, බටාවත්ත, ඌව කැලේ යන ගම්මානවල හා තේවතුවල ජනතාව විරෝධතාවයේ යෙදී සිටිති.
 
පස්සර-ඇකිරිය, මඩොල්සිම-පිටමාරුව,මඩොල්සිම-මැටිගහතැන්න ප්‍රදේශවලට අබලන් බස්රථ කිහිපයක් පමණක් ධාවනය වන බවත් එය ජනතාවට ප්‍රමාණවත් නොවන බවත් ජනතාව පැවසූහ.  

 

(ඡායාරූප - පාලිත ආරියවංශ)