(ඩී.ජී.සුගතපාල)
බිමත්ව අපරික්ෂාකාරි ලෙස රිය පදවා අනතුරක් සිදු කිරිම සම්බන්ධයේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලික බස් රථ රියදුරන් දෙදෙනෙකු 7 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (01)නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලද්දේ ගාල්ල අම්බලන්ගොඩ බස් රථයක රියදුරෙකු සහ ගාල්ල කුමාරකන්ද හරහා බද්දේගම දක්වා ධාවනය වන බස් රථයේ රියදුරෙකි.
අද උදැසන ගාල්ල බස් නැවතුම් පොලේ සිට මෙම බස් රථ දෙක පිටත් විමට තිබියදි පළමුවෙන්ම බද්දේගම බසය පිටත්ව ගොස් දුම්රිය පොල ඉදිරිපිට නැවතුමේ සිටි මගින් නංවා ගනිද්දී අම්බලන්ගොඩ බසයේ රියදුරාද බස් නැවතුපොල ඉදිරිපිට වට රවුමේ වැරදි පැත්තෙන් වේගයෙන් ගොස් දුම්රිය පොල ඉදිරිපිට නැවතුමේ මගින් නංවා ගනිමින් සිටි බද්දේගම බස් රථයේ හප්පා තිබේ.
පසුව රියදුරන් දෙදෙනා ආරවුලක් ඇති කර ගෙන ඇති අතර ඒ සමගම පැමිණි රථ වාහන අංශයේ සැරයන් නිහාල් (58401) මහතා ඔවුන් අත් අඩංගුවට ගෙන පොලිසිය වෙත කැඳවාගෙන පැමිණ පරික්ෂා කිරිමේදි අනාවරණයවි ඇත්තේ අම්බලන්ගොඩ බස් රථයේ රියදුරා බිමත්ව සිට ඇති බවය.
පසුව දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට නියෝග කළාය.
ගාල්ල පොලිසියේ රථ වාහන අංශයේ සැරයන් උදයංග (59058) මහතා විසින් රියදුරන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

