අඳුන් දිවියෙක් බේරුවලින් අල්ලයි


(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ගල්හේන කොටියාවත්ත ප්‍රදේශයේ කුකුළු ගොවිපලක ඇති කරන කුකුලන් ඩැහැගැනීමට දිනපතා පැමිණෙන අඩි 3ක් පමණ වන දුර්ලභ ගනයේ අඳුන් දිවියෙකු අද (24) ප්‍රදේශවාසීන් විසින් අටවන ලද උගුලකට හසුකර ජීවග්‍රහයෙන් අල්ලාගෙන තිබේ.

මෙම අඳුන් දිවියා දැක ගැනීමට අවට ප්‍රදේශවල විශාල ජනතාවක් එම ස්ථානයට පැමිණියහ
එම සදුන් දිවියා අලුත්ගම වැලිපිටිය විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කළුතර වනජීවි කාර්යාලයට බාරදීමට කටයුතු කර තිබේ.