(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (31) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය අසල පිහිටි චැපල්ටන් තේ වත්තේ තේ පදුරු ගලවා සැකකරුවන් මැණික් ගරමින් සිටින බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ගොඩ දමා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් සහ මැණික් ගැරිමට උපයෝග කරගත් උපකරණ ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23-30 ත් අතර වයස් කාණ්ඩල පසුවන චැපල්ටන් තේ වත්තේ පදිංචිකරුවෝ වෙති.

