( නිශාන්ත කුමාර )
මහවැලි ගංගාවේ අතු ගංගාවක් වන අලුත්තරම ඔයේ නීතිවිරෝධී අයුරින් වැලි ගොඩ දැමු පුද්ගලයෙකු ගොඩ දමන ලද වැලි සහ වැලි ගොඩ දැමීමට භාවිතා කර කරන ලද උපකරණ කීපයක්ද සමඟ අද (01) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාඳුරුකෝට්ට අලුත්තරම ප්‍රදේශයේ වයස අවුරුදු 37 ක පුද්ගලයෙකි.
මහවැලි ගංගාවේ අතු ගංගාවක් වන අලුත්තරම ඔයේ තොටුපළක නීතිවිරෝධී අයුරින් පුද්ගලයකු වැලි ගොඩ දමන බවට පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (01) දින මහියංගන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

