අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙක් මරුට


( වසන්ත චන්ද්‍රපාල සහ නවරත්න සමරතුංග)

අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බල ප්‍රදේශයේ වැලි කහගොල්ල ගම්මානයේ  වගාවටකට ඇද තිබු අනවසර විදුලි රැහානක පය
පැලිටමන් පුද්ගලයෙක් මියගොස් තිබේ.

 
 ඉඩමේ තිබු කුඹුරකට බෙහෙත් ගසමින් සිට කුඹුරෙන් ගොඩ එන අවස්ථාවේදි මෙම අනවසර විදුලි රැහැනේ  පැටලී වැටුණු පුද්ගලයා   මියගොස් ඇත.
 
 මෙම මරණයෙන් පසුව මියගිය පුද්ගලයාගේ  ඥාතීන් කෝපවී ඉඩම් හිමිකරුගේ නිවසට සහ ත්‍රිවිල් රථයට හානි කර තිබේ.
 
මෙසේ මියගොස් ඇත්තේ වැලිකහගොල්ල පදිංචි සමන්තිලක  බංඩාර නැමැති දෙදරැ පියෙකි. මෙම මරණය සම්බන්ධයෙන් ඉඩමේ අයිතිකරැ පොලසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.