අනතුරින් දෙදෙනකු මරුට


(අජිත්ලාල් ශාන්තඋදය සහ  ජයන්ත නානායක්කාර)

රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන පාරේ ගඟේයාය ප්‍රදේශයේ දී  අද(07) යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු එම ස්ථානයේදීම ජිවිතක්‍ෂයට පත්ව ඇතිබව ඇඹිලිපිටිය පොලීසියේ රථවාහන අංශය පැවසුවේය.

අනතුරට පත් යතුරු පැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනා ඇඹිලිපිටිය දෙසට ගමන්කර තිබූ බවත් ලොරි රථය රත්නපුර දෙසට ගමන්කරමින් තිබූ බවත් පොලීසිය පැවසුවේය.

අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ උඩවළව, ගඟේයාය, අනූඅට, බුරුතකන්ද  ප්‍රදේශයේ පදිංචි ඩී.ඩී. මලීෂ ධනංජය (20) සහ ඩබ්.චිරාත් ධනුක (17) අසලවැසි තරුණයන් දෙදෙනකු බවද පොලිසිය පැවසීය.
 
එක් තරුණයෙක් ඉන්ධන පිරවුම්හලක සේවයකරන තරුණයෙක් බවට තොරතුරු ඇති බව ද පොලිසිය පැවසුවේය.