(ඞී.කේ.රත්න )
තණමල්විල ඇඹිලිපිටිය ප‍්‍රධාන මාර්ගයේ මොරකැටිය මංසන්ධිය අසලදී අද (11) ඩිමෝ වර්ගයේ ලොරි රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරපැදිකරු මියගොස් ඇතයි සෙවනගල පොලීසිය පවසයි.
සෙවනගල කුරුගම්පිටිය 14 ඇළ පදිංචි එච්.ජී.ගාමිණී තිලකරත්න නැමති 51 හැවිරිදි පුද්ගලයෙකු මෙම අනතුරින් මියගොස් තිබේ.
සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු සෙවනගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සෙවනගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.යූ.එන්.අමරසිරි මහතාගේ උපදෙස් පරිදි සෙවනගල
පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.