(ඩබ්ලිව්.ඒ. අසේල)
මහනුවර රන්දෙණිගල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රි සිදුවූ මාරක රිය අනතුරකින් යතුරු පැදි කරුවෙකු එම ස්ථානයේම මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මහනුවර ධර්මරාජ මාවතේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයෙකි.
මුතුරාජවෙල සිට බදුල්ලට තෙල් ප්‍රවාහනය කොට නැවත කොළඹ දක්වා ගමන් කරමින් සිටි බවුසරයක ඇතිවූ කාර්මික දෝෂයක් නිසා මයිලපිටිය ප්‍රදේශයේ මාර්ගය මත නවත්වා තිබියදී පිටුපසින් පැමිණි යතුරු පැදිය එම බවුසරයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
මෘත ශරීරය මේ වන විට මාරස්සන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර බවුසරයේ රියදුරු තලාතුඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝකිල ආරියදාස මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරි කණ්‌ඩයමන් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇත