(අනීෂා මානගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් මොරයාය සිට අඟුණකොළපැලැස්ස දක්වා මාර්ගයේ ගමනාගමනය අසීරු බව කියමින් අද(15) ගම්වාසීහු පිරිසක් විරෝධය දැක්වූහ.
වීරකැටිය කොටවාය ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් වීරකැටිය දහඅමුණ ප්‍රදේශයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයට කළුගල් යොදා අවහිර කර තිබිණි.
මේ හේතුවෙන් පැය බාගයක පමණ කාලයක් මාර්ගයේ ගමනාගමනය අඩාල වී තිබූ අතර ඉදිකිරීම් සඳහා පැමිණි පස් සහ ගල් ප්‍රවාහනය කරන ටිපර් රථවලට ද ගමන් කිරීමට නොහැකි විය.
අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා පස් සහ ගල් ආදී දෑ ප්‍රවාහනය කරන ටිපර් රථ ගමන් කිරීම හේතුවෙන් මොරයාය සිට අඟුණකොළපැලැස්ස දක්වාදිවයන මාර්ගය මේ වන විට ඉතා අබලන් වී ඇතැයි ගම්වාසීහු කියති. මාර්ගයේ විශාල වලවල් හෑරී තිබීම නිසා කුඩා වාහන ගමන් කිරීම අසීරු බවද ඔවහු කියති. මේ හේතුවෙන් ගම්වාසීහු සිය විරෝධය දැක්වීම සඳහා වීරකැටිය දහඅමුණ ප්‍රදේශයේදී දක්ෂිණ අධිවේගී මාර්ගය අවහිර කළහ.




