අධිබල රැහැනට ගසක් වැටී පුත්තලමට විදුලිය නෑ


 (එච්. චන්දන  )
 
පුත්තලම  හා ඒ අවට ප්‍රදේශය හරහා අද (10) අලුයම හමා ගිය සුළඟිකින් අධි බලැති විදුලි රැහැනක් මතට ගසක් කඩා වැටී මුළු පුත්තලම ප්‍රදේශයේම විදුලිය ඇණ හිට ඇති බව පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය පවසයි.
 
පුත්තලම යුද හමුදා කඳවුර  ඇතුළත පිවිසුම් මාර්ගයේ ඇති මේ අධිබලැති රැහැන් මතට කඳවුරේ තිබූ තේක්ක ගසක්  කඩා වැටී තිබේ. 
 
මේ තත්වය තුල අද දවස පුරාවට පුත්තලම නගරයට විදුලි සැමයීමට නොහැකි බව  පුත්තලම දිස්ත්‍රික් විදුලි  කාර්යාලය සඳහන් කරයි.