අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය අන්තර්ජාලය ඔස්සේ



(ශාන්ත රත්නායක)

කොවිඩ් 19 වයිරස තත්වය හේතුවෙන් මහජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණීමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා අමාත්‍යාංශයේ මහජන දිනය අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට අධිකරණ අමාත්‍යාංශය අද(19) කටයුතු කළේය.

ඒ අනුව ජනතා ගැටලු විසඳීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.