සමන් පාලිත නානායක්කාර
කොළඹ ප්‍රදේශයේ කොරෝනා අධි අවදානම් කලාපවල සිට වතුකර ප්‍රදේශවලට නිරෝධායනය නොවී පැමිණි විශාල පිරිසක් සිටීම ගැටලුවක් වී ඇති බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ඩබ්ලිව් වසන්ත සම්පත් මහතා අද (4) පැවසීය .
පූනාගල , මකල්දෙනිය, ලොවර් ඔහිය, ඉදල්ගස්හින්න, නීඩ් උඩ්, පරණ වත්ත, බත්ගොඩවත්ත, කොස්ලන්ද වත්ත, මීරියබැද්ද, ප්‍රදේශවලට නිරෝධායන නොවී කොළඹ ගම්පහ පුත්තලම වැනි අධි අවධානම් දිස්ත්‍රික්ක වල රැකියාවල නිරතව සිට නිරෝධායන නොවී පැමිණි දහස් ගණනක් සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.
අවදානම් කලාපවල සිට පැමිණි අය කිසිදු ලියාපදිංචියක් හෝ දැනුම්දීමක් කර නැති බවත් තොරතුරු හෙළි නොකර සැඟවී සිටින අයුරු නිරීක්ෂණය වන බවත් ඔවුන් හඳුනා ගැනීම ඉතා අසීරු වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි .එම ප්‍රදේශවලින් කොරෝනා රෝගියකු මතු වුවහොත් විශාල අවුල් සහගත තත්ත්වයක් ඇති වන බව ද වසන්ත සම්පත් මහතා වැඩිදුරටත් පැවසීය.
නිරෝධයන සහතික රැගෙන එන අය ඉන්නේ ඉතා සුළු සංඛ්‍යාවක් බවද නිවෙස් වලට යාමට යැයි පවසමින් පොලිසි වලට ගොස් ඇඳිරිනීතිය බලපත්‍ර ගෙන ඔහු පැමිණි ඇති බවද පෙන්වා දෙන වසන්ත සම්පත් මහතා මෙම පළාත් වලට මිනිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවයද පෙන්වා දෙයි .
තවදුරටත් කරුණු දක්වමින් ප්‍රසන්න සම්පත් මහතා සඳහන් කළේ ලයිම් කාමරවල ජීවත් වන අය නිරෝධනයට යොමු කිරීම ගැටළුවක් බවයි. කුඩා ඉඩක විශාල පිරිසක් එකට සිටීම ඊට හේතුව බව ද ඔහු පෙන්වා දෙයි.
අධි අවදානම් කලාපවලින් වතුකරයට ආ නිරෝධායනය නොවු පිරිසක් හමුවීමෙන් ගැටලු රැසක්
Recommended Articles