අතුරුදන් හිමියන්ගේ සිරුර කැලයක


දින තුනකට පෙර අතුරුදන්ව ඇතැයි පැවසූ හිමිනමකගේ සිරුර අහංගම තිත්තගල්ලේ විහාරස්ථානයක් අසළ කැලයක ගසක එල්ලෙමින් තිබිය දී සොයාගත් බව පොලීසිය කියයි. හිමියන් විසින් පරිහරණය කරන ලද ජංගම දුරකථනය ඇතුළු උපකරණ සියල්ල විහාරස්ථානයේ තිබෙන බවත් පොලීසිය කියයි.