අතුරුදන් වු වරාය සේවකයාගේ සිරුර හමුවෙයි


(ජේ.ඉඳුරුවගේ)

බේරුවල ධීවර වරායේ බෝට්ටු ආරක්‍ෂක සේවයේ  නියුතුව  සිටියදී  බෝට්ටුවකින්  මුහුදට වැටී අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ  බව කියන  මළ සිරුර අද (4) බේරුවල මුහුදු  තීරයේ තිබී හමුවු බව බේරුවල පොලීසිය පැවසීය .

  මෙසේ මිය ගොස් ඇත්තේ බේරුවල බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45 වියැති අයෙකි .

මොහුගේ මරණය පිලිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව බේරුවල පොලිසිය පවසයි.