අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධීකරණයට මහනුවර කමිටු 14 ක්


(මොහොමඩ් ආසික්)

මහනුවර දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය   කිරිම සඳහා  ගෙන යනු ලබන ක්‍රියාවලියෙදී අත්‍යාවශ්‍ය සේවාවන් සම්බන්ධීකරණය කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා විසින් කමිටු 14 ක් පිහිටවනු ලැබ තිබේ.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු විවිධ අංශවල  ප්‍රධානීන්ගෙන් සමන්විත මෙම කමිටු මගින් දිස්ත්‍රික්කය පුරා පවතින දුෂ්කරතා අවම කරමින් මහජන සේවය ලබා දීමට අවශ්‍ය සියලු සම්බන්ධිකරණ කටයුතු සිදු කරනු ලබයි.

මෙම කමිටු  අතර ප්‍රධාන කමිටු කිහිපයක විස්තර පහත දැක්වෙයි.

කඩිනම් දුක්ගැනවිලි මහජන සම්බන්ධීකරණ කමිටුව අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සි. රණේපුර මහතා( දු.ක. 071-8536699)

පානීය ජලය සහ විදුලි සහ සනිපාරක්ෂක ගැටළු සම්බන්ධ ගැටළු ඉන්දික රණවීර මහතා සහකාර අධ්‍යක්ෂ (ආපදා කළමණාකරණ) 077-3957878

පාරිභෝගික ගැටළු නිරාකරණය කිරිමේ කමිටුව සමන්ත අතපත්තු මහතා පාරිභෝගික සේවා ස්ථානභාර නිළධාරි දු . ක . 077-1088901 

අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ බෙදා හැරීම රම්‍යා විජේසුන්දර මහත්මිය, සැලසුම් අධ්‍යක්ෂ දු.ක. 071-8072459

 පූජනීය ස්ථාන සඳහා සහන සැලසීම සම්බන්ධ කමිටුව සහකාර දිස්ත්‍රික්  ලේකම්  සාගරිකා දිල්හානි මිය දු.ක. 071-9522247