අතරමං වු කතක් දුෂණය ⁣කළ දෙදෙනකු රිමාන්ඩ්


ආරියදාස කොඩිතුවක්කු

තංගල්ල නගරයේ අතරමංව සිටි කොළඹ කිරුළපන පදිංචි 35 හැවිරිදි කාන්තාවක් අප්‍රේල් 09 වන දින සිට 11 වන දින දක්වා ත්‍රීවිල් රථයක තබාගෙන දූෂණය කළ ත්‍රීවිල් රථ රියදුරෙකු ඇතුලු දෙදෙනෙකු 22 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ රැදවීමට තංගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් විදුර වීරකෝන් මහතා නියෝග කළේය. 

හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සදහා රිමාන්ඩ් භාරයේ රැදවීමට නියේග කළේ තංගල්ල සුසාන භූමිය පාරේ  පදිංචි එච්.එම්. මදුරංග තුෂාර (28) ත්‍රිවිල් රථ රියදුරා හා තංගල්ල දංකැටිය ධම්මරතන මාවතේ පදිංචි ජී.පී. එරන්ද කුමාර (28) යන සැකකරුවන් දෙදෙනාය

ත්‍රීවිල් රථය අධිකරණය භාරයේ තැබීමට නියෝග කළේය. 

දූෂණයට ලක්වූ බව කියන කොළඹ 06, කිරුළපන ගාගස්වත්ත පාරේ පදිංචි ආඩම්බරගේ දුලාෂිකා ජයන්ති වොල්ටර් අල්විස් (35) නමැත්තිය හම්බන්තොට මහ රෝහලේ නිරෝධායනය කර ඇත. 

තංගල්ල කොට්ඨශ බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අබේපිටිය සහකාර පොලිස් අධිකාරී සනත් අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත තංගල්ල මූළස්ථාන ප්‍රධාන පොලිස් පරීඛෟෂක ලාල් චන්ද්‍රසිරි අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීඛ්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි උප පොලිස් පරීඛ්ෂක ලලිත් සැරයන් වරුන් වන 43939 තුෂාර ගුරුගේ, 43041 නන්දදාස, 45324 සුජිත්, 45334 මුණිසංහ 58257 සුජීව, කොස්තාපල්වරුන වන 67129 රුක්ෂාන් හා 86644 උදයංග යන නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා සමග ත්‍රිරෝදරථය අත්අඩංගුවට ගෙන ඇත.