අකුරණ පවුල් 1000 කට බවුසර් මගින් පානීය ජලය


 (මොහොමඩ් ආසික්)

කොවිඩ් 19  වන කොරෝනා වයිරසය ආසාදිතයින් හමු වීම හේතුවෙන්  මේ වන විට හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශයේ උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දී සිටින පවුල් 1000 කට වඩා වැඩි පිරිසකට බවුසර් මගින් පානීය ජලය සැපයීට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මහනවර  දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ අකුරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හරහා පානිය ජලය අවශ්‍ය ප්‍රදේශවලට මෙලෙස බවුසර් මගින් ජලය ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසකට මේ වන විට උග්‍ර පානීය ජල හිඟයක් පවතී.