අකුණු සැර වැදීමෙන් පස්සර නිවාස 6 කට දැඩි හානි


සමන් පාලිත නානායක්කාර 

අකුණු සැර වැදීමෙන් අද 12 සවස පස්සර  ජයන්තිපුර ප්‍රදේශයේ නිවාස 6 කට දැඩි  හානි සිදුවූ බව  බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි .

එම  නිවාසවල  විදුලි පද්ධති, විද්‍යුත් උපකරණ හා ගෘහ උපකරණ රැසකට ද හානි සිදුවී ඇති බවත් ජීවිත හානි සිදු වී නොමැති බවත් එම මධ්‍යස්ථානය  කියයි .

පස්සර ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරී හා ආපදා සහන නිලධාරීන්  එක්ව හානිය තක්සේරු කර අවශ්‍ය සහන ලබාදීමට කටයුතු යොදා ඇති බවද බදුල්ල  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මේ දිනවල පවතින ගිගුරුම් සහිත වැසි සමග අකුණු අවදානම ඉහළ ගොස් ඇති බැවින්  අකුණු වලින් ආරක්ෂා වීම සඳහා  ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරන ලෙස බදුල්ල  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්.උදයකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී .