සමන් පාලිත නානායක්කාර
කොස්ලන්ද කෑලිපනාවෙල ගම්පහ වත්ත 11 හැවිරිදි දැරියක් අද (17) සවස අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වීමට නියමිතව සිටි එම් .රුක්සි (11) නැමති පාසල් ශිෂ්‍යාවකි.
පැවැති අධික වර්ෂාව සමග සිය මව සමඟ හේනක වාඩියක සිටින අතරතුර අකුණු සැර වැදී ඇතැයි ද ඇය වැල්ලවාය දිසා රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව ද පොලීසිය කියයි .
කොස්ලන්ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.
අකුණු සැර වැදීමෙන් දැරියක් මරුට
Recommended Articles