‘‘පශ්චාත් උපාධියක් ඇති අප වැනෙන පිරිසක් නොවේ‘‘


(ජයන්ත සමරකෝන්)
 
ජවිපෙය ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම නිසා එකමතයක නැති වැනෙන්නන් පිරිසක් බවට සන්ධාන මහලේකම්වරයා චෝදනා කර ඇතැයි ද පශ්චාත් උපාධියක් ඇති අප වැනෙන පිරිසක් නොවේ යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අද (12) පැවසීය.

ශ්‍රීලනීපයේ ඇතැමුන් අප ගන්ධබ්බයන් ලෙස හඳුන්වා ඇතැයි ද ඉගෙන ගෙන තිබුණා නම්, එවැනි ප්‍රකාශ කරන්නේ නැතැයි ද මන්ත්‍රීවරයා කීය.

සාමාන්‍ය පෙළවත් නැති අයට මේ දේශපාලනය තේරුම් ගන්නට බැරි යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පුංචි බොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්තී සාකච්ඡාවකදී මාධ්‍යවේදීයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.