
(අංජුල මහික වීරරත්න)
2026-2030 කාලය සඳහා යුනිසෙෆ් ගෝලීය සැපයුම් ඒකකය මඟින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන වෙත එන්නත් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්ති කරණ වැඩසටහනට අනුකූලව උසස් තත්ත්වයේ එන්නත් සාධාරණ මිලකට ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන විසින් කටයුතු කරනු ලබයි.
එම වැඩසටහන මඟින් රෝග 11ක් වැලැක්වීම සඳහා වාර්ෂිකව ආසන්න වශයෙන් ළමුන් මිලියන 1.5කට සහ ගර්භණී මව්වරුන් ලක්ෂ 3කට පමණ එන්නත් ලබා දීම සිදු කෙරේ.
එම ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රසම්පාදනය කිරීම සඳහා එන්නත් කරණය සහ ප්‍රතිශක්ති කරණය සඳහා වූ ගෝලීය සන්ධානයේ (Global Alliance for Vaccines und Immunization) සහාය 2000 වර්ෂයේ සිට ලබා දී තිබේ. එමෙන්ම, එකී සන්ධානය 2023 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා ඒකාබද්ධ ප්‍රසම්පාදන ක්‍රම වේදයක් මඟින් යුනිසෙෆ්ස් ගෝලීය සැපයුම් අංශය හරහා එන්නත් ප්‍රසම්පාදනය කිරීමට හැකි වන පරිදි මුල්‍යාධාර ලබා දීම ද සිදු කර තිබේ. තනි රටක් විසින් සිදු කරනු ලබන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මෙන් නොව, යුනිසෙෆ්ට් ගෝලීය සැපයුම් අංශය මඟින් ප්‍රසම්පාදිත එන්නත් ලබා ගැනීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත සහ පූර්ව සුදුසුකම්ලත් එන්නත් අඩු මිලට ලබා ගැනීමට හැකි වන අතර, එමඟින් වැඩි සැපයුම් සුරක්ෂිතතාවක් තහවුරු වේ.
එමෙන්ම, එන්නත් සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට, එන්නත් නිසි පරිදි කාලානුරූපව බෙදා හැරීමට සහ ඵලදායී ප්‍රසපාදන පිළිවෙත් අනුගමනය කිරීමට ද එමඟින් හැකියාව ලැබේ. ඒ අනුව, 2026-2030 කාලය සඳහා යුනිසෙල්හි ගෝලීය සැපයුම් අංශය මඟින් ප්‍රතිශක්තිකරණ එන්නත් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන වෙත ප්‍රසම්පාදනය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුනිසෙෆ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලංකාවට