‘‘කොළඹ නාගරික කොමසාරිස්වරයාගේ ස්ථානමාරුව අසාධාරණයි‘‘


(ජයන්ත සමරකෝන්)

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සිය නිල බලයට මුවාවෙමින් ඉතා අසාධාරණ අයුරින් කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා ස්ථානමාරු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (29) රාජගිරිය සදහම් සෙවන විහාරස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසූහ.

ඊට අදාල රාජ්‍ය නිලධාරීන්ට ඔහු මේ සඳහා උපදෙස් ලබාදී ඇතැයිද උන්වහන්සේ මෙහිදී සඳහන් කළහ.

බාන්ස් පෙදෙසි පිහිටි අක්කරයකින් යුත් රුපියල් කෝටි 800 ක් පමණ වටිනා නගර සභා දේපල පිටස්තරයින් පිරිසකට පවරාදීම සඳහා දිගින් දිගටම කොමසාරිස්වරයාට බලපෑම් කර ඇතැයිද මස්කඩ ටෙන්ඩර්කරුවන්ගෙන් අදාල ටෙන්ඩර් මුදල් අයකරගැනීම ප්‍රමාද කරන ලෙසට ද කොමසාරිස්වරයාට දැනුම් දී ඇතැයිද සඳහන් කළහ.

මෙම කරුණු සඳහා ‍ කොමසාරිස්වරයාගෙන් කිසිඳු අනු බලයක් ලැබී නැතැයිද ස්ථානමාරුව එහි ප්‍රතිඵලයක් යැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.