(ආනන්ද ඉ ජයකොඩි)
රාජ නීතියයි ආගමයි පටලවා ගන්න එපා දුම්රිය රක්ෂිතයේ නීති විරෝධීව තනා ඇති නිවසක පදිංචි වී සිටින භික්ෂූන් වහන්සේ නමක් අමතා අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉකුත් ප්‍රකාශ කරමින් මාසයක් ඇතුළත එම නිවස ඉවත් කර ගෙන අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට එම වග උත්තරකාර හිමි නමට නියෝග කළේය.
මීරිගම විජය රජදහන ප්‍රදේශයේ ප්‍රධාන දුම්රිය මාර්ග රක්ෂිතය තුළ නීති විරෝධීව නිවසක් තනා ගෙන පදිංචි වී සිටින භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව දුම්රිය ආරක්ෂක හමුදාවේ නීති අංශය විසින් නඩුවක් පවරා ඇත.
එම නඩුව පෙර දිනයේ කැඳවූ අවස්ථාවේ මාස දෙකක් ඇතුලත එම නීති විරෝධී නිවස ඉවත් කර ගන්නා බවට වග උත්තරකාර හිමි නම අධිකරණය ඉදිරියේ පොරොන්දු වී තිබිණ.
එම නඩුව ඉකුත් 25 වැනිදා නැවත කැඳවූ අවස්ථාවේ දුම්රිය ආරක්ෂක හමුදාවේ උප පරීක්ෂක ප්‍රියන්ත නන්දනතිලක මහතා කරුණු දක්වමින් වග උත්තරකාර පාර්ශවය අධිකරණයේ නියෝග පැහැර හරිමින් එම ස්ථානය ඉවත් කර නොගෙන එහි පදිංචි වී සිටින බව කියා සිටියේය.
මෙහිදී නීතීඥ අසේල අබේසුන්දර මහතා කරුණු දක්වමින් කඨින පූජෝත්සවය පැවැත්වීමට නියමිතව තිබෙන හෙයින් ඉවත් කර නොගත් බවත් ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් රාජ නීතියයි ආගමයි දෙකක් ඒ දෙක පටලවා ගන්න එපා අපි කව්රුවත් නීතියට ගරු කළ යුතුයි නීතිය හැම දෙනාටම පොදුයි, මාසයක් ඇතුළත එම නීති විරෝධී ස්ථානය ඉවත් කර ගන්නා ලෙසට එසේ වග උත්තරකාර හිමි නමට නියෝග කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘‘රාජ නීතියයි ආගමයි පටලවා ගන්න එපා‘‘
ශ්‍රී ලංකා රාජ්‍යවාසී බකල ජයා Sunday, 27 July 2025 08:01 PM
රාජ නීති තිබුණේ රජ කාලේ, දැන් තියෙන්නේ රාජ්‍යයේ නීති නේද අපේ හාමුදුරුවනේ...?
රත්නායක Sunday, 27 July 2025 08:27 PM
හාමුදුරුවන්ට ඔය රක්ෂිත ඇතුළට රින්ගන්නේ නැතිව වෙන ලගින්න තැනක් ඇත්තේම නැද්ද? ඔක්කෝම හාමුදුරුවරු ඔහොම කලොත් ලොකු ප්‍රශ්නයක්නේ. ඕවා පොදු දේපළ...