‘හැම පුද්ගලයකුම ලක්ෂ 530,000 ක් ණය වෙලා’


ජයන්ත සමරකෝන්

මෙරට ජනගහනයෙන් සෑම පුද්ගලයකුටම රුපියල් 530,000 ක මුදලක් රටට ණයවී ඇතැයි ලංකා සමසමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.

ආණ්ඩුව ගතවූ සිව් වසර තුළ ඩොලර් මිලියන 6000 ක්  ණය වී ඇතැයි ද ඒ මහතා කීය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වසර 10 ක් තුළ ගත් ණය මුදලට වඩා මෙම ණය ප්‍රමාණය වැඩි බවද හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුවේ ආර්ථික වර්ධන වේගය අද වන විට 2.7% ක් බවද මෙය බරපතල තත්ත්වයක් බවද ඔහු පෙන්වා දුන්නේය.

රටක ජනතාවක් මෙතරම් ණයකාරයන් කළ ව්‍යවස්ථාවක් ඉතිහාසයේ ම නැතැයි ද ඔහු කීය.

කොළඹ 8, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය.