(ජයන්ත සමරකොන්)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙවතාවක්ම උල්ලංඝණය කළ ජනාධිපතිවරයකු වැඳ වැඳ තියාගෙන සිටින රටක් ඇත්නම් ඒ ලංකාව පමණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා අද (9) පැවසීය.
අගමැති නිර්දේශයෙන් තමන් රාජ්‍ය ඇමැති ධූරයට නම් කර තෙවතාවක්ම ජනාධිපතිවරයා වෙත යවා ඇතත් ඊට අනුමැතිය ලැබී නැතැයි ද වැඳගෙන සිට තනතුරු ලබාගැනීම තමන් කිසිවිටෙකත් සුදානම් නැතැයි ද මන්ත්‍රීවරයා කීය.
මෙම ව්‍යවස්ථා උල්ලංඝණය පිළිබඳව රටට හෙළි කළේ රංගේ බණ්ඩාර පමණක් බවද ඒ පිළිබඳව සමාව ගත යුත්තේ වැරැද්ද හෙළිකළ තැනැත්තා ද, වැරැද්ද කළ තැනැත්තා ද යන්න තමන් විමසන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අනෙක් පැත්තෙන් කොතරම් ආරාධනා ලැබුණ ද වලව්ව අතහැර කාගෙවත් ඇඳපිළිවල ලගින්නට නොයන බවද මන්ත්‍රීවරයා කීය.
පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (9) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.