ජයන්ත සමරකෝන්
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා තුන්වන වරටත් තමන්ට ලැබුණු අගමැතිකමටත් වඩා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගිවිසුමකින් බාරගැනීම ගැන සතුටු වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා අද (9) පැවසීය.
පැය 4 ක කාලයක් සඳහා ඉන්දීයානු අගමැතිවරයාගේ හදිසි සංචාරය රටට විනකැටියමක් පමණක් බවද මන්ත්‍රීවරයා කීය.
රටේ පවතින අරාජික තත්ත්වය යටතේ විවිධ ගැටුම් හා ගැටලු නිර්මාණය කරමින් ඇමැතිවරයා රටේ සම්පත් විකුණන අණපනත් හොර රහසේ සම්මත කරගන්නා බවද ඉකුත් 28 වැනි දා අත්සන් තැබු කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස් ඉන්දියාවට හා ජපානයට විකිණිමට සහ යෝජිත ගිවිසුමට එහි ප්‍රතිඵලයක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙම කරුණු අනාවරණය කළේය.