නිමල කොඩිතුවක්කු
21 වන ශත වර්ෂයේ අභියෝග ජයගත හැකි දරු පරපුරක් බිහි කිරිම රජයේ අරමුණ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (4) පැවසීය.
නවීන දැනුමක් සහිත පරපුරක් නොමැතිව අලූත් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය නොහැකි බවත් පැවසූ අග‍්‍රාමාත්‍යවරයා ඒ වෙනුවෙන් අධ්‍යාපනයේ විප්ලවීම වෙනසක් සිදුකරන බවත් පැවසීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ පේරාදෙණිය ජාතික අධ්‍යාපන පීඨයේ පැවති ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ දෙවැනි අදියර යටතේ පාසල් ගොඩනැගිලි 250 ක් සිසු අයිතියට පැවරීමේ ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
මෙම උත්සවයට සමගාමීව දිවයිනේ පාසල් 250ක ව්‍යාපෘති 250ක් වීවෘත කිරිම එකම වේලවාකදි සිදුකෙරිණ.
රුපියල් මිලියන 65,000ක වියදමින් ක‍්‍රියාත්මක ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ව්‍යාපෘති 18,000ක් ඉදිකිරිමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන රවී ජයවර්ධන, විජයකලා මහේෂ්වරන් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර