හොරොව්පතානේදී සාමණේර භික්ෂූන් වහන්සේලා දෙනමකට පහර දීමේ සිදුවීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිවේදනයක් කරමින් කියා සිටී.
එම සිදුවීම හෙළා දැකීමට සමස්ත සමාජයම ක්‍රියා කිරීම අගය කරන බව ද කොළඹ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ පාසල්වල ක්‍රියාත්මක කරන දරුවන් තුළ විනය ඇති කිරීම සඳහා ගන්නා විවිධ ක්‍රම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 2016 දී අධ්‍යයනයක් කළ බවත් එයට අනුව සිසුන්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් අවම වශයෙන් එක් ආකාරයක හෝ ශාරීරික දඬුවමක් අත්විඳ ඇති බව අනාවරණය වූ බවත් එම නිවේදනයේ දැක්වේ.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිෆෙස් ශ්‍රී ලංකා) කොළඹ කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
055