වැවිලි ජාත්‍යන්තර එකමුතුවක්


(බිඟුන් මේනක ගමගේ සහ මනෝප්‍රිය ගුණසේකර)

වැවිලි ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර එකමුතුවක් නිර්මාණය කිරීමට රටවල් හතරක වෘත්තීය සමති සමඟ සාකච්ඡා ආරම්භ කළ බව ලංකා වතු සේවා සංගමය පවසයි.

මැලේසියාව , ඉන්දුනීසියාව, ඉන්දියාව හා නේපාලය යන රටවල වෘත්තීය සමිති  සමඟ මෙසේ ඊට අදාළව මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති බව එහි සභාපති චතුර සමරසිංහ මහතා පැවැසීය.

ඒ මහතා මෙම අදහස පළ කළේ ලංකා වතු සේවා සංගමයට 2020 වසරේදී ශත සංවත්සරය පිරීම නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් නාද්  සමරසිංහ,භාණ්ඩාගාරික රොබට් ෆ්‍රැන්සිස්, නියෝජ්‍ය ලේකම් අනුර වික්‍රමරත්න, උප සභාපතිවරුන් වන එස් සුකුමාර් සහ එස් මනෝහරන් යන මහත්වරුන් සහභාගි වූහ.