(ඩයනා උදයංගනී)
මුහුණු ආවරණ සහිත ඇඳුම් හා ආරක්ෂක හිස් ආවරණ පැළැඳීම සම්බන්ධයෙන් නියෝග ඇතුළත් ලිපියක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් ප‍්‍රධානීන් වෙත යොමු කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන ලේකම්වරයා විසින් මෙම ලිපිය යොමු කර ඇත.
මුහුණු ආවරණය සහිත ඇඳුම් හෝ ආරක්ෂිත හිස් ආවරණ පැළඳ පාසලකට කිසිවකු පැමිණි අවස්ථාවකදී පාසල් ප‍්‍රධානීන් මැදිහත් විය යුතු ආකාරය ද එහි ඇතුළත් වේ.
මුහුණු ආවරණය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ පනවා ඇති විධිවිධාන පිළිබඳ නොදැනුවත්කම නිසා ඇතැම් පුද්ගලයින් මෙන්ම සමහර ගුරුවරියන් ද මුහුණු ආවරණ සහිත ඇඳුමෙන් සැරසී පැමිණීම හේතුවෙන් පසුගිය දිනවල පාසල් කිහිපයක ගැටලූ සහගත තත්ත්වයක් ඇති වූ බැවින් මෙම පියවර ගෙන තිබේ.
හදිසි නීති රෙගුලාසි යටතේ සම්පූර්ණ මුහුණු ආවරණ සම්බන්ධව නිකුත් කර ඇති රජයේ අති විශේෂ ගැසට් නිවේදනයන් හි දැක්වෙන නියෝගයට අනුව සහ මානව හිමිකම් කොමිෂන් සභාව මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට මුහුණු ආවරණය පිළිබඳව යොමු කර ඇති චිත‍්‍රණයක් ද මෙම ලිපිය සමඟ ඇමුණුමක් ලෙස පාසල් ප‍්‍රධානීන්ට යොමු කර ඇත.