‘තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටවන්න කැමති නැහැ‘


(කාංචන කුමාර ආරියදාස)

තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.

මේ රටේ වෘත්තීය සමිති  ව්‍යාපාරික ප්‍රජාව ස්වේච්ඡා සංවිධානය තරුණ කණ්ඩායම් කියන දේවල් සඳහා රජය ඇහුන්කන් දීමෙන් කටයුතු කළ යුතු බවත් එසේ නොකිරීම නිසා තමන් නියෝජනය කළ රජය බලයෙන් පහ වූ බව නමල් රාජපක්ෂ   මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එම නිසා ජනාධිපතිවරයා අමාත්‍යවරුන් මේ රටේ ජනතාවට ඇහුම්කන්දීමකින් ක්‍රියා කළ යුතු බවත් රටක් වැටෙන්නට බලා සිට බලය ගැනීමේ තම පක්ෂයට නැති බවත් සඳහන් කරන්නට විය.

දඹුල්ල  හිටපු නගරාදීපති ජාලිය  ඕපාත මහතාගේ නිවසේදී ඊයේ( 01) පස්වරුවේ පැවති ජන හමුවකදී නමල් රාජපක්ෂ  මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

තුනෙන් දෙකක බලය පෙන්වා දෙමින් බලයෙන් උදම් ඇනීම නැවැත්විය යුතු බවත් පෙන්වා දුන් නමල් රාජපක්ෂ ජනතාවගේ  අවශ්‍ය  ඇහුම්කන් දීමෙන් රටේ ප්‍රශ්න අඩු කර ගැනීමට හැකි බව ත් පැවසීය.

මේ දිනවලින් තෙල් පෝලිමක් හට ගෙන තිබෙන බවද එයටත් රාජපක්ෂවරුන්න්ට වගකීම   බාරගන්නැයි සඳහන් කිරීම කරාවිදැයි ඔහු ප්‍රශ්න කළේය වැටුණු රටක් පාලනය කරනවාට වඩා සංවර්ධනය වන රටක් පාලනය කිරීම තමන්ගේ කැමැත්ත බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම ජන හමුවේදී හිටපු අමාත්‍ ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා කතා කරමින් සඳහන් කළේ රටේ ජනතාව මුලාවට පත් කරමින් බොරු ප්‍රකාශ කරමින් බලයට පත් වූ බවය රාජපක්ෂ භීතියක් ඇති බව කිවේය.

  මෙම හමුවේදී හිටපු අමාත්‍යවරයකු වන සී .බී .රත්නායක මහතා ද මහතාද වී ගොවියන් පිළිබඳව  වත්මන් පාලනය කරන අමාත්‍යවරුන් කළ ප්‍රකාශ පිළිබඳව මෙන්ම ඔවුන් සිවුරු හැර ගිය පුද්ගලයින් බව පෙන්වා දුන්නේය.