‘දින 51 ක් පුරා දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවනවා’


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ දේශපාලන වියවුල හේතුවෙන් දින 51ක් පුරා දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවා තැබීමට පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (10)පැවසීය.

කුමන දුෂ්කරතා පැමිණිය ද ජනතා හිතවාදී අයවැයක් ගෙනෙන බව අගමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ණය මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 2600 ක් මෙම මස 14 වැනි දා ගෙවීමට ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

දින 51 ක් පුරා පැවති දේශපාලන වියවුල නිසා රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල වූ බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.