‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා දෙන්නේ නෑ’


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
 
 
 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා දෙන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ පැවසීය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ යෝජනා ද අගමැතිවරයා එහිදී ඉදිරිපත් කළේය.
 
බුදුදහමට ඇති ප්‍රමුඛතාව හෝ රටේ ඒකීයභාවය වෙනස් කිරීම නව ව්‍යවස්ථාවක් මගින් සිදු නොකරන බවද අගමැතිවරයා කීවේය.