(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
කලු ඇදුම් ඇඳ මුහුණු ආවරණය කරගත් පිරිස් මාධ්‍ය ආයතන ඉදිරියට ගොස් විරෝධතා, තර්ජන කරනවාට ආණ්ඩුව විරුද්ධ බවත් අද (10) දිනයේදී කණ්ඩායමක් මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරියට ගොස් කළ විරෝධතාව හෙළා දකින බවත් පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පුවත්පත්වලින් අසාධාරණයක් වී ඇත්නම් ඒ ගැන පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කළ හැකි බවද ඇමතිවරයා කීවේය.
එසේ නොමැතිව ආයතනවලට හිරිහැරයක් වන අයුරින් කටයුතු කිරීම අනුමත නොකරන බවද හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ සංවිධාන කිහිපයක් අද දිනයේ මාධ්‍ය ඉදිරියට ගොස් විරෝධතා පැවැත්වීම පිළිබඳ අදහස් දක්වමිනි.