අගමැති එළවලා මේ රට කිරීමට හිතීම විහිළුවක්



 “අගමැති ගැන අපිට විශ්වාසයි. එතුමා උගතෙක්. ඔහු ආතක් පාතක් නැතිව දේශපාලනයට ආපු කෙනෙක් නොවෙයි. එතුමා මහන්සි වී වැඩ කරනවා. ආර්ථීකය ගැන දැක්මත් විශාලයි.අගමැති එළවලා මේ රට කිරීමට හිතීම විහිළුවක්. මහනුවර සිද්ධිය අගමැති මත පැටවීම සාධාරණ නැහැ. මහේන්ද්‍රන්  විදේශිකයකු නම් ගෝඨාභයත් විදේශිකයෙක්.

අජිත් නිවාඞ් නිසා බිලියන 36ක් රටට අහිමි වුණා. ඒ ගැන ඒ කාලයේ පාලකයාට විරුද්ධව කවුරුවත් කතා කළේ නැහැ. කතා කළා නම් කඳ තියෙයි නිල්වලාවේ. ඔළුව තියෙයි කැලණි ගඟේ. එහෙම කාලයක් තිබුණා. ඒවා මෙයාලාට අමතකයි. අම්ම තාත්තගේ සොහොන් ගෙවල් හදන්න මහජන මුදල් ගසා කෑව හොරා ඇරෙන්න මීළඟ ජනාධිපති අපේක්ෂක කරන්න වෙන හොරෙක් තමුන්නාන්සේලාට නැද්ද?”

මාතර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා:-

“අපට තිබෙන වරප්‍රසාදයත් අයිතියත් අනුවයි අපි මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ. නමුත් අපට වඩා
වේගයෙන් එජාපයේ අය මේ ගැන රට හමුවේ තිබ්බා, එය අපට අයිති දෙයක් නොවෙයි, බැඳුම්කර සිද්ධියට අගමැතිතුමාත් වගකිව යුතුයි කියලා ජනතාව තුළ මතයක් තිබුණා. මේ විශ්වාසභංගය තුළම තිබෙන්නේ ප්‍රතිපත්තිමය කරුණුයි.

නුවරඑළිය දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී එම්. තිලකරාජා මහතා:-

“2008 සිට බැඳුම්කර වංචා සිදුවෙලා තියෙද්දී 2015 එකක් ගැන විතරක් ඒකාබද්දේ අය කතා කරනවා. මේ යෝජනාවට විරුද්ධව අප ඡන්දය දෙනවා. පසුගිය රජය වතුකරයේ ජනතාව අමතක කර තිබුණා. එය කඳුකර අමාත්‍යාංශය ලෙස සලකා අපට ගරුත්වයක් දුන්නා. ඒ නිසා අප එතුමාට ගෞරව කළ යුතුයි.”

කොළඹ දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා:-

“අපි මේ යෝජනාව දිනන්නේ බොරු කියලා නොවෙයි. ඇත්ත කියලයි. දිගන සිද්ධියට සම්බන්ධ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ඒ තනතුරුවලින් ඉවත් කරනව ද කියලා නායකයන් කියන්න ඕන. ඒකාබද්ධ විපක්ෂයේ සමහර අය ජනාධිපති සමඟ ඩීල් දාලා හිරේ යන එක වළක්වාගෙන සිටිනවා. සුසිල් ඇමැතිතුමාට අල්ලස් නඩුවක් තිබෙනවා. අපට එක තැනක වැරදුණා. ජාතික ආණ්ඩු හදනකොට අපි සමහරු ගැන බැලුවේ නැහැ. සුසිල් ඇමැතිතුමා ගංජා ගහලා ඇවිල්ලා කතා කළා ද දන්නේ නැහැ. එතුමා උදේට විජේරාමේ හවසට ජනාධිපති මන්දිරේ.
අපි ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි කියනවා මේවා ගැන හොඳට සලකා බලන්න කියලා.”