“වැලිකඩ - අ.පුර බන්ධනාගාරවල සී.සී.ටී.වී පද්ධති නෑ’’


(නිමන්ති රණසිංහ)

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ හෝ අනුරාධපුර බන්ධනාගාරයේ සී සී ටී වී කැමරා පද්ධති සවිකර නැතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.

සී සී ටී වී කැමරා පද්ධති සවි කර ඇත්තේ,  බූස්ස, අගුණකොළපැළැස්ස සහ ක`ථතර යන බන්ධනාගාරවල පමණක් බව ද එම මුලස්ථානය සදහන් කරයි.

ඒ අනුව, බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් සිදුකරනු ලැබූ බව කියන සිද්ධියට අදාළව විමර්ශනයේදී සී සී ටී වී දර්ශන උපයෝගී කර ගත නොහැකි වන බව බන්ධනාගාර නිලධාරීහු සදහන් කරති.

කෙසේ වෙතත් මෙරටේ සෑම බන්ධනාගරයකටම ඇතු`ථ වන ඕනෑම පුද්ගලයකුගේ සටහන් තබා ගැනීමේ ‘ලොග් සටහන් පොතක්’ සෑම බන්ධනාගරයකම ඇති බවත් විශේෂයෙන්ම බන්ධනාගාර තුළ සෑම අංශයකම එවැනි ‘ලොග් සටහන් පොත් ’ ගණනාවක් ම ඇති බවත් එම නිලධාරීහු පවසති.

සිරකරු දිනය පැවැති ඉකුත් 12 වැනිදා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුලු වී එල් ටී ටී ඊ රැඳවියන් දෙදෙනකු ඔහු ඉදිරියේ දණ ගස්වා ඔවුන්ට මරණීය තර්ජනය කළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරය මගින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද පරීක්ෂණ පැවැත්වෙයි.