(යොහාන් භාසුර)
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වුවද මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ තව දුරටත් කටයුතු කරන බවත් ඔහුට එල්ල වී ඇති චෝදනා අතිශය සාපරාධී ක්‍රියාවක් නිසා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට දැරීමට හෝ විශ්වාසවන්ත පුද්ගලයකු නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වීම තුළින් තම චර්යාව පිළිබඳව වගකීම බාරගැනීම නිසා වෙනත් රාජ්‍ය තනතුරක් දැරීමට ඔහුට සධාචාරාත්මක අයිතිය අහිමිවී ඇති බව කියන ශ්‍රී ලංකා නීතිඥා සංගමය රත්වත්තේ මහතාගේ බරපතල සාපරාධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයෙන් වැඩි දුරටත් කියා සිටියි.

