“දේශපාලන තීන්දු නොගෙන විද්‍යානුකූලව රට වහන්න’’


(අංජුල මහික වීරරත්න)

දේශපාලන තීන්දු නොගෙන විද්‍යානුකූලව රට වසා ඉදිරි පියවර ගන්නවානම් කොන්දේසි විරහිතව ඊට සහාය දෙන්න සෞඛ්‍ය සේවකයින් සැදී පැහැදී සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

හරි තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුවට තව මිනී කීයක් අවශ්‍යදැයි ප්‍රශ්න කළ රත්නප්‍රිය මහතා රෝගීන්ගේ ප්‍රමාණය සඟවමින් දත්ත හොර කරන ආණ්ඩුවට කොරෝනා මර්දනය කළ හැකිදැයි සාධාරණ සැකයක් ඇති වන බවද සඳහන් කළේය.

පුංචි බොරැල්ල රජයේ හෙද නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.