(සුජිත් හේවාජුලිගේ)
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය විකෘතිවී ඉදිරියේදී මෙයටත් වඩා සැර කොරෝනා වයිරස ප්‍රභේදයක් බිහිවීමේ හැකියාව පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
පවතින තත්වය යටතේ ඉදිරි දෙසතිය අතිශයින්ම තීරණාත්මක බව සඳහන් කළ රාජ්‍ය ඇමතිවරයා කිසිවකු හෝ නිවෙසින් එළියට පැමිණෙන්නේ නම් කොවිඩ් ආසාදනයවීමට තිබෙන ඉඩකඩ වැඩි වන බවද ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවේදී හැකිතාක් සංචරණ සීමා කළ යුතු බව ජයසුමන මහතා වැඩිදුරටත් කීවේය.

