’’රෝහණ විජේවීර වෙනුවෙන් කෞතුකාගාරයක් හදන්න’’


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදි කරන්නැයි සමගි  ජන බලවේගයේ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.

විජේවීර මහතාගේ බිරිඳ අද ගමන් කරන්නේ ත්‍රිරෝද රථයේ බවද ඔහු සඳහන් කළේය.

ඒ වගේම ඇයට කැබ් රථයක් ලබාදෙන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.