’’රටට විනෝදාස්වාදය අවශ්‍යයි’’


(සුජිත් හේවාජුලිගේ )

මේ රට විනෝදාස්වාදය අවශ්‍ය බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

රටට රාත්‍රී ආර්ථිකයක් අවශ්‍ය බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය සිංගප්පූරුව චීනය ඇතුළු රටවල් ගණනාවක් සංචාරකයන් මෙරටට එවන බවට තමාට පොරොන්දුවී ඇතැයි ද ප්‍රකාශ කළාය.

සංචාරකයන් ඉදිරියේ දී මෙරටට පැමිණීමෙන් රට දියුණු වනු ඇතැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.